නව අධීක්ෂණ මන්ත්‍රිවරුන් 4 දෙනෙකු සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සඳහා පත් කර තිබෙනවා.
සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රිවරුන් වන වෛද්‍ය තුසිතා විජේමාන්න, රෝහිණි විජේරත්න, බන්දුලාල් බණ්ඩාරිගොඩ හා චන්දිම ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ අතින් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්තා.
මෙහිදී අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ තමන්ගේ ගමනට මෙම මන්ත්‍රිවරුන් දැඩි ශක්තියක් බවයි.