කාන්තාවන්ට මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) අවසර ලබා දුන්නා. ඒ අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.
මහාචාර්ය කැමිනා ගුණරත්න මහත්මිය ඇතුළු කාන්තා අයිතිවාසිකම් සදහා වන සංවිධාන කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා. මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා සහ කැබිනට් අමාත්‍යවරු ඇතුළු පිරිසක්. මෙම පෙත්සම ලබන වසරේ පෙබරවාරි 6 දා විභාගයට ගැනීමට නියමිතයි.