මඩපාත, හලාවත, රාජගිරිය, බලංගොඩ, මැදගම ආදී ප්රදේශවල වයස අවුරුදු 23,24 සහ 28 හැවිරිදි තරුණියන් ගණිකා වෘත්තියේ නිරත වූ වැලිකඩ රාජගිරියේ නිවසක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
මෙහිදී ගණිකා වෘත්තියේ නිරතවීමට රැඳී සිටි තරුණියන් කිහිපදෙනෙකු සහ ගණිකා නිවාසයේ කළමනාකාරිනිය අත්අඩංගුවට පත් වුණා.
ඊයේ (09) රාත්රි 7.45ට පමණ මෙම වැටලීම සිදු කර තිබුණා. වැලිකඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.