Saturday, May 4, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව 190 කට සිමා කරයි

සමන්ත කුමාර




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම කි‍්‍රඩා කළ දකුණ අපි‍්‍රකානු කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 05ක් ලබා සිටියා. 

අද (14) පෙරවරුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 190කට සීමා කිරිමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් සමත්වුණා. ඒ අනුව දකුණු අපී‍්‍රකානුවන්ට දෙවෙනි ඉනිමේදී ජයග‍්‍රහණය සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 352ක්. 

ශී‍්‍ර ලංකා දෙවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිමුත් කරුණාරත්න ලකුණු 60ක් රැස්කළා. පන්දු යැවීමේදී කේ ඒ මහරාජ් ලකුණු 58කට කඩුළු 04යි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ අතර දකුණු අපි‍්‍රකාව පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 126ක් පමණයි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේදීයි