Sunday, May 5, 2024

General line - 0115112241

සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ 7 වන සැසිවාරය (PHOTOS)




සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 7 වන සැසිවාරය අද (18) දින ව්‍යාපෘති කළමාණකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන් යොවුන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වුණා.

සිව් වන යොවුන් පාර්ලිමේන්තුවේ 7 වන සැසිවාරය අද (18) සහ හෙට (19) දිනයේදී පැවැත්වීමට නියමිත අතර අද දින යොවුන් පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනේ "ජාතික සංහිඳියාව උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග" යන මාතෘකාව පිළිබඳවයි.

මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘති කළමාණකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ.ඒ.එස් කීරගල, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.