හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා චීනය මුදල් ලබාදී ඇතැයි කියන නිව්යෝ්ර්ක් ටයිම්ස් ප්රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවාදයක් සිදු කෙරුණා. යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්රීවරයායි. කෙසේ වෙතත් යෝජනාව ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්රීවරුන් විරෝධය පළ කළා.
මේ අතර මෙම විවාදය අතරවාරයේ අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති වීමෙන් සීනුව නාද කිරීමට ද සිදු වුණා. එලෙස අවසන් වරට සීනුව නාද කෙරුණේ පස්වරු 06.45ට පමණයි. සීනුව නාද කළද ඝණ පූර්ණය සම්පූර්ණ වූයේ නැහැ. සභාවේ සිටියේ මූලාසනයේ සිටි මන්ත්රීවරයා ද සමග මන්ත්රීවරුන් 09 දෙනෙකු පමණයි. ඒ අනුව සභා වාරය අවසන් වීමට තවත් විනාඩි 45ක් පමණ ඉතිරිව තිබියදී සභාව කල් තැබීමට පියවර ගැණුනා.