Friday, January 17, 2025

General line - 0115112241

සංචාරක බෝට්ටුවක් අනතුරකට ලක්වී පුද්ගලයින් 17 ක් මරුට (VIDEO)

දිනුක් හේවාවිතාරණ




අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ මිසුරු හිදී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 17 දෙනෙක් මිය ගොස් ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

මිසුරු හි පිහිටි Table Rock විලෙහි විනෝද සංචාරයක නියැලමින් සිටි සංචාරකයින් රැගත් බෝට්ටුවේ පුද්ගලයින් 31 දෙනෙක් ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තද සුළං සමග ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරකයින් ගමන් කරමින් සිටි බෝට්ටුව එක් වර පෙරලි ගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සදහන් කරන්නේ.