Sunday, April 28, 2024

General line - 0115112241

මන්ත්‍රිකමින් ඉවත් වී ඇමති ළඟ වැඩ කරන බව බන්දුල කියයි  

දිල්ශාන් තුෂාර




වත්මත් රජය සිංගප්පූරු ගිවිසුම රටේ පවතින නීතියට පටහැනිව අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍ය මලික් සමරවික්‍රම පවසන පරිදි එම ගිවිසුම හරහා රටට වාසිදායක කටයුත්තක් වනවා යැයි ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ කාර්යාලයේ සේවකයෙකු ලෙස කටයුතු කරණ බවත් මන්ත්‍රිවරයා එහිදී  සඳහන් කළා.

තවද මංගල සමරවිර අමාත්‍යවරයා  තෙල් මිල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එල්ල කරණ චෝදනා පිළිගත නොහැකි බවත් ඔහු මහින්ද රජපක්ෂ මහතාගෙන් සමාව ගත යුතු  බවත් සඳහන් කරනවා.

අද (22) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළා.