Monday, April 29, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

කසුන් කැළුම්




ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරග තහනමක් පැනවිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර තිබෙනවා. 

ඒ, ඔහු ක්‍රිඩක ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම තහනම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගය අවසානයත් සමග ක්‍රියාත්මක වන බවයි. 

එමෙන්ම ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්විමටද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇති අතර 2 වන ටෙස්ට් තරගය සදහා ලැබෙන ගාස්තුවද අත්හිටුවිමට පියවර ගෙන තිබෙනවා.