Wednesday, December 25, 2024

General line - 0115112241

පියා සොයා ගිය දරුවා තවමත් අතුරුදන්

රෝහණ වසන්ත




බලන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයට අයත් සමනළවත්ත  ප‍්‍රදේශයේ අතුරුදන්ව ඇති පිරිමි දරුවා සොයා අදත් (23) පොලිසිය සහ යුදහමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. 

මෙම මෙහෙයුම් සඳහා ප‍්‍රදේශවාසීන්ද එක්ව සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දරුවන්ගේ  පියා විසින්   බලන්ගොඩ  පොලිසිය  වෙත පැමිණිල්ලක්  කර  ඇත්තේ  තම දස හැවිරිදි දරුවා ඉකුත් 20  වැනිදා  දහවල්  සිට  අතුරුදන් වි ඇති  බවටයි.

සමනලවත්ත  විදුහලේ   ඉගෙනුම   ලබන  මෙම  දරුවා  එදින පාසල්  අවසන් වී නිවසට පැමිණ තිබෙනවා. දරුවා  නිවසට  පැමිණ විට පියා දර කැඩීමට අසල ඇති කැලයට ගොස් සිටි බව දැනගැනීමෙන් පසු ඔහුද පියා සොයා කැලයට ගොස් තිබෙනවා. එහෙත් දරුවා ආපසු නිවසට  පැමිණ   නැති  බැවින්   නිවසියන්  හා  ප‍්‍රදේශවාසින් එක්ව  පසුගිය 21 වැනිදා උදෑසන වනතුරු දරුවා  පිළිබද සොයා බලා ඇතත් තොරතුරක් හමු වී නැහැ.  ඒ අනුව පොලිසියට පැමිණිළි කිරීමට පියවර ගෙන තිබුණා.

ඊයේ (22) දින යුධ හමුදාවේ නිළධාරීන් පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ බළන්ගොඩ පොලිස් නිළධාරින් පිරිසක් සහ ප‍්‍රදේශවාසීන් එක්ව හුණුවල කන්ද රක්ෂිතය හා සමනළවත්ත රක්ෂිත ප‍්‍රදේශයේ දරුවා සොයා මෙහෙයුම් සිදු කළ අතර දරුවා හමු නොවු හෙයින් අද (23) දිනයෙදීත් මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා.