උපතින් අබාධිත තත්වයේ සිටි වයස අවුරුද්දක් පමණ වන අලි පැටවෙකු හම්බන්තොට පහල මත්තල ප්‍රදේශයේදී ඊයේ (22) සවස වනජීවී නිලධාරින් කණ්ඩායමකට හමුවී තිබෙනවා .
මේ දිනවල හම්බන්තොට, සූරියවැව හා ඒ අවට ප්‍රදේශයන් තුල දියත් කරමින් සිටින අලි මෙහෙයුමක නිරත සිටින වන ජීවී නිලධාරින් කණ්ඩායමක් පහල මත්තල ප්‍රදේශයේ සිදුකල නිරික්ෂනයකදී මෙම අලි පැටවා හමු වූ බවයි වනජීවී නිලධාරින් සදහන් කර සිටියේ.
මෙම අලිපැටවා සම්බන්ධයෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පශු වෛද්‍ය වරුන් දැනුවත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සදහා අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනගොස් ප්‍රතිකාර කරන බව වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන කියා සිටියා.
කෙසේනමුත් මේ අකාරයෙන් ආබාධිත තත්වයේ සිටි ලංකාව තුලදී හමුවීම ඉතා දුර්ලබ දෙයක් බවයි වනජීවී පශු වෛද්‍ය වරුන්ගේ සංගමයේ ලේකම් මාලක අබේවර්ධන කියා සිටියේ.