Wednesday, December 25, 2024

General line - 0115112241

අගෝස්තු 03 වෛද්‍ය වැඩ වැරුමක්

හරිත පෙරේරා




සිය ඉල්ලීම් සඳහා ඉදිරි දින කිහිපයේදී හෝ යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන 03 වනදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) කියා සිටියා.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල් ද මෙම වැඩවර්ජනය එක්කර ගැනීමට සැලසුම් කර ඇති බවයි. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් 10ක් ඉදිරිපත් කර තිබෙනවා. වෛද්‍ය වෘත්තියට බලපාන කරුණු මෙන්ම රටටම අදාළ වන කරුණු ද ඒ අතර වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.