සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුව යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමේ උවමනාව නිසාදැයි වැඩ වර්ජනයක නිරත දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය සැක පළ කරනවා. ඔවුන් මෙලෙස වැඩවර්ජනයක යෙදී සිටින්නේ ඊයේ (22) මධ්‍යම රාත‍්‍රියේ සිටයි. මේ, එහි ප‍්‍රධාන ලේකම් කමල් පීරිස්.
අද (23) දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයකද ප‍්‍රමාදවීම් සිදු වූ බව මගීන් පැවසුවා. කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ වැඩවර්ජනය නිසා දුම්රිය ධාවනයට බාධාවක් නොමැති බවයි.