රට පුරා පාතාලය යළි හිස ඔසවා ඇත්තේ ආණ්ඩුවේ වැරදි පිළිවෙත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසුවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා චීනය මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පැවති විවාදයට ඝණ පූර්ණය නොමැතිවීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. රාජපක්ෂවරුන් සහ ඒකාබද්ධ විපක්ෂය මෙම විවාදයෙන් පැන ගියේදැයි මාධ්‍යවේදීන් විමසා සිටියා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක්ද අද පැවැත්වුණා. මේ, එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන.