Wednesday, December 25, 2024

General line - 0115112241

දුෂණය මඩින්න ජනපතිගෙන් තවත් කමිටුවක්

ඩිල්ෂාන් මඩවල




මොරගහකන්ද ව්‍යාපෘතියේ දී කිසිදු දුෂණයක් හෝ අක‍්‍රමිකතාවක් සිදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. එවැනි දුෂණ හා අක‍්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඇත්නම් තමන් වෙත පෞද්ගලිකව හෝ ඉදිරිපත් කරන ලෙයසි ඔහු සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන කළු ගඟ ජලාශයේ ජලය පිරවීම වෙනුවෙන් අද (23) පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.  

මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ සහ අක‍්‍රමිකතා සම්බන්ධ පැමිණිලි භාර ගැනීම ස`දහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 

අද ජලය පිරවීම් ආරම්භ කෙරුණු කළු ගඟ ජලාශයේ මුළු ධාරිතාව අක්කර අඩි දෙලක්ෂ 880ක්. කළු ගඟ පහල නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ පවුල් 3000ක් සඳහා මෙයින් ජලය සැපයෙනවා. උතුරුමැද පළාතට සහ මාතලේ, වව්නියාව, ත‍්‍රීකුණාමලය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට ද මෙමඟින් ජලය සැපයීමට නියමිතයි.