ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද එම පළාත් සභාවේ සියලූ මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ, විවිධ දේ ලබාදී ඔවුන් තමන්ට අවශ්‍ය ලෙස පාලනය කළ හැකි බවට ඔහු විසින් මීට පෙර කරන ලද ප්‍රකාශයකට අදාළවයි.
මෙම ප්‍රකාශය මඟීන් ප්‍රධාන අමාත්‍යවරයා තමන් හෑල්ලූවට ලක්කර ඇතැයි පවසමින් ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවා. ඔවුන් සභා රැස්වීමට සහභාගී වූයේ කළු පටි ද පැළඳගෙනයි.
ජනතා විමුක්ති පෙරමුණේ සමන්ද විද්‍යාරත්න මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් නොමැති බව පවසමින් ප්‍රධාන අමාත්‍යවරයා එය භාරගෙන නැහැ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පාලක පක්ෂවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට ද අද (23) තීරණය කළා. ප්‍රධාන අමාත්‍යවරයා සියලූ මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා සිටියේ මෙම පසුබිම යටතේයි.