දේශපාලනයට සම්බන්ධ හිටපු හමුදාපතිවරයෙකු යටතේ සේවයට යොදවන ලද හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු එම ස්ථානයේ සේවය කළ නොහැකි බව පවසමින් නැවත හමුදා මූලස්ථානයට වාර්තා කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මෙම හමුදා සාමාජිකයන් අදාළ සේවා ස්ථානයේදී පහරදීම්වලට ලක්ව ඇති බවයි හමුදා ආරංචි කියා සිටියේ. ඔවුන් ප්රශ්නගත හිටපු හමුදාපතිවරයාගේ රියදුරන් ලෙස සේවය කර ඇතැයි ද වැඩිදුරටත් තොරතුරු අනාවරණ වුණා.