Sunday, May 5, 2024

General line - 0115112241

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 15 ඇරඹේ : ශ්‍රී ලංකාව "B කාණ්ඩයට"

දිනුක් හේවාවිතාරණ




2018 ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් 15 වනදා ආරම්භ වීමට නියමිත අතර පළමු තරගය බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා රටවල් 06 ක් කාණ්ඩ 02 ක් යටතේ තරග වැදීමට නියමිතයි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕමාන්, නේපාලය, මැලේසියාව හා හොංකොං යන කණ්ඩායම් අතර පවත්වන තරගාවලියකින් අනතුරුව ජයගන්නා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ "ඒ කාණ්ඩයේ" ස්ථානයක් හිමිකර ගැනීමට අවස්ථාව හිමිවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එලි දක්වමින් සදහන් කර සිටිනවා.

තරගාවලියේ "ඒ කාණ්ඩය" යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරග වදින අතර "බි කාණ්ඩය" යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරග වැදීමට නියමිතයි.

මෙවර තරගාවලිය පන්දු ඕවර 50 ක එක්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ මුල් වටය අවසානයේ අනතුරුව කාණ්ඩ දෙකේ පළමු ස්ථාන 02 ක හිමිකර ගන්නා කණ්ඩායම් 04ක් සුපිරි වටයට ක්‍රීඩා කිරීමට නියමිතයි. 

සුපිරි වටය අවසානයේ ජය ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 28 වනදා ඩුබායි හි පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ඇති.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට මුලින් සැලසුම් කර සිටියත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලනික මත ගැටුම් හේතුවෙන් තරගාවලිය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවිය.

ආසියානු කුසලාන තරග කාලසටහන පහතින් දැක්වේ