Sunday, May 5, 2024

General line - 0115112241

CCTV දර්ශන නැරඹීමෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ සිද්ධියේ තවත් තොරතුරු අනාවරණය වෙලා

කසුන් කැළුම්




විනය කඩ කිරීමකට අදාළව තරග තහනමකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

ආරංචි මාර්ග පැවසුවේ ධනුෂ්ක ගුණතිලක නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු සමග සිටිනු කොල්ලූපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ හෝටලයක සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ සටහන් වී ඇති බවයි. 

එක් තරුණියක් මෙරටට පැමිණ ඇත්තේ ධනුෂ්කගේ මිතුරෙකු මාර්ගයෙන්. ඇය සිය මිතුරියක ද සමගයි මෙරටට පැමිණ තිබුණේ.

ධනුෂ්ක ගුණතිලක සහ සෙසු තිදෙනා හෝටලයට ඇතුළු වූ ආකාරය එහි සී. සී. ටී. වී. කැමරා පද්ධතියේ සටහන් වී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එලෙස පැමිණි එක් තරුණියකට කාමර පහසුකම් සහ ආහාර ඇණවුම් කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විසින් බවයි වාර්තා වන්නේ.

පසුව එක් තරුණියක් යළිත් විදෙස්ගත වීමට පෙර කුරුඳුවත්ත සහ ගුවන් තොටුපල පොලිසියට අතවරයක් සිදු වූ බවට පැමිණිලි කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. 

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සිදු කරන පරීක්ෂණය අවසන් වන තෙක් ධනුෂ්කට එරෙහි තරග තහනම බලපැවැත්වෙනු ඇති.