Thursday, December 26, 2024

General line - 0115112241

ජනපති සමග සාකච්ඡාවෙන් පසු වර්ජනයක් නවතී

නිශාන් ද සිල්වා




ගුරු විදුහල්පති ඇතුලූ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති හෙට (26) දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පිරිසකට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් සහ උසස්වීම් 1014 ක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණයට එරෙහිව මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය කි‍්‍රයාත්මක කිරීමට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති තීරණය කර තිබුණා. කෙසේවෙතත් අදාළ පත්වීම් ලබා දීම අත්හිටුවීමට ජනාධිපතිවරයා අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබනෙවා.

ඒ, අනුව  හෙට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමයේ උප සභාපති නීල් අතුකෝරළ නෙත් නිවුස් වෙත කියා සිටියේ.