හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා ඇතුලූ 05 දෙනෙකු ගොනු කර ඇති අභියාචන පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකයන්ගේ සහ නීතිපතිවරයාගේ ලිඛිත දේශන අගෝස්තු 10වනදා වනවිට ගොනු කරන ලෙසටයි එම පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ. ඒ අනුව අගෝස්තු මස 10වනදායින් පසුව මෙම අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මෙම පෙත්සම අගවිනිසුරු පි්රයසාත් ඩෙප් ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දින කැඳවූ අවස්ථාවේ සියලූ පාර්ශවයන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණා.