තම ධූර කාලය තුළදී ලෝකයේ දූෂණයට එරෙහිව කි‍්‍රයාකරන රටවල් අතර ශී‍්‍ර ලංකාව පළමු තැනට පත් කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමේ රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
විදේශ රටවල රැඳී සිටින මහා පරිමාණ දූෂණ කි‍්‍රයා සිදු කළ පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට ජාත්‍යන්තර සංවිධානවලද මැදිහත්වීම සහ සහය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.
ලොව පුරා දූෂණයට එරෙහිව කි‍්‍රයාකරන ආයතන ශක්තිමත් කිරිමේ අරමුණින් 2012 වසරේදී ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී රැස්වූ රටවල් 88කට අයත් සංවිධාන සහ ආයතන විසින් පැමිණි එකඟතා ජකර්තා මූලධර්ම ලෙස හැඳින්වෙනවා. එහිදී එලිදක්වන ලද ප‍්‍රකාශය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙවර සමුළුව කොළඹදී සංවිධාන කෙරුණා.