ජී එස් පී සහනය වැනි විදෙස් සහන අහිමිවුවද මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
බන්ධනාගාරවල සිට මත්කුඩු ජාවාරම් මෙහෙයවන පුද්ගලයන්ට සහය ලබා දෙන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්ණ කළා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබා දීමට පෙර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. ඊටද අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රතිචාර දැක්වූවා.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ සමීපතමයින් කිහිපදෙනෙකුගේ විදෙස් බැංකු ගිණුම් පිළිබඳවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී කරුණු දැක්වූවා.
ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්ණ කිහිපයකටද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පිළිතුරු ලබා දුන්නා.