Thursday, December 26, 2024

General line - 0115112241

රත්නපුරේ බට්ටීට බස්නැවතුම්පොළේදී පහරදුන් පොලිස් නිලධාරියාට වැඩ වරදී




2014 වසරේ සැප්තැම්බර් මස 06වන දින රත්නපුර බස්නැවතුම්පලේදී පොලිස් සැරයන්වරයෙකු විසින් කාන්තාවකට කළ හරදීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළා. පහර කෑමට ලක්වූ වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි නැමැත්තියට රුපියල් 55,000ක වන්දි මුදලක් ගෙවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් සැරයන්වරයාට නියෝග කළේ.

තමාට සිදුවූ කායික, මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 05ක වන්දියක් ලබා ලෙස ඉල්ලමින් අදාළ කාන්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එහි තීන්දුව අද ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊවා වනසුන්දර හා එල් ටී බී දෙහිදෙණිය යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.