එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමක් අද පැවැත්වුණා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ නෙත් නිවුස් කළ විමසිමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ රටේ දැවෙන ප්‍රශ්න වලට ඉක්මන් විසඳුම් ලබා දීම පිළිබඳව සාකච්ඡා කෙරුණු බවයි.
පක්ෂය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බවත්, පළාත් සභා මැතිවරණය ඉක්මනින්ම පැවැත්වීමට අගමැතිවරයා යෝජනා කළ බවත් ඔහු පැවසුවා.