Thursday, December 26, 2024

General line - 0115112241

මාධ්‍යවේදීන්ට හා ආයතනවලට එල්ලව ඇති තර්ජන ගැන පාර්ලිමේන්තු විවාදයක්

සමන්ත කුමාර




මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. 

ඒ සම්බන්ධයෙන් ඉකුත්දා පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදීද සාකච්ඡා වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.