යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යාපනයේ සිටින හමුදාවේ සංඛ්‍යාව පිළිබඳ හෙළි කිරීමක් සිදු කළා.
ඒ උතුරේ දෙමළ දේශපාලනඥයින් යාපනයේ ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් සිටින බවට විටින් විට සඳහන් කිරීමත් සමගයි.
ඒ අනුව යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ යාපනයේ සිටින්නේ දාහතර දහසක පමණ හමුදා පිරිසක් බවයි.
සේනාංකාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
තවදුරටත් අදහස් දැක්වූ යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ උතුරේ යුද සමයේදීවත් හමුදා භටයින් ලක්ෂයක් නොසිටි බවයි.
දැනට යාපනයේ 51, 52 හා 55 යන සේනාංක යටතේ ස්ථාන ගත කොට සිටින හමුදා සේනාංක යාපනයේ ආරක්ෂාවට ප්‍රමාණවත් බවත් මෙම සංඛ්‍යාව අඩු කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් සඳහන් කළා.
දැනට යාපනයේ සිටින හමුදා භට පිරිස්වලින් ආරක්ෂාව සැලසෙනවාට වඩා විශාල සේවාවක් යාපනයේ දෙමළ ජනතාවට ලැබෙන බවද සඳහන් කළා.
යාපනයේ හදිසි ගිණි නිවිමේ කටයුතු, කෝවිල් උත්සවල පොදු ස්ථාන සකස් කිරීමේ කටයුතු, ශ්‍රමදාන කටයුතු, නිවාස ඉදි කිරීම, රුක් රෝපණය ඇතුළු කාර්යයන් විශාල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සම්බන්ධ වන බවයි එහිදී පෙන්වා දුන්නේ.