Sunday, May 5, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක්

කසුන් කැළුම්




කි‍්‍රකට් කී‍්‍රඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ විනය කඩ කිරීමක් හේතුවෙන් ඔහුට මෙම තරග තහනම පැනවූ බවයි. ඉකුත්දා නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු තමන්ට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාටද චෝදනා එල්ල වූ අතර පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමටද පොලීසිය කටයුතු කළා. ඔහුට එරෙහිව ඉකුත් වසරේද විනය කඩකිරීමේ චෝදනාවක් එල්ල වූ අතර එහිදීද ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් පනවනු ලැබුවා.