Friday, December 27, 2024

General line - 0115112241

මිරිස් කුඩු ගසා සල්ලි කොල්ලකෑ කල්ලිය තවම නිදැල්ලේ (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




බුලත්සිංහල ප‍්‍රදේශයේ දී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකා පලා ගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහ තවදුරටත් පුළුල් පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි. ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවද ප‍්‍රකාශ කෙරුණා.

සී. සී. ටී. වී. දර්ශන ද ඊට උපයෝගී කරගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියදුරා සහ ආරක්ෂක නිලධාරියාගෙන් පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලිසියට ඊයේ (29) අවසර හිමිවුණා. 

පෙරේදා (28) පස්වරුවේ බුලත්සිංහල ප‍්‍රදේශයේදී මෙලෙසෙ කොල්ලකා තිබුණේ ATM යන්ත‍්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ මුදල් තොගයක්. වෑන් රථයේ පිරිස වෙළඳසැලකින් ආහාර ගනිමින් සිටි අතරතුර එම ස්ථානයට පැමිණි කොල්ලකරුවන් ඔවුන්ට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කර මුදල් රැගෙන ගොස් තිබුණා. 
 

(මේ සම්බන්ධ මීට පෙර පළවූ පුවත් මෙතැනින්)