පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ‘‘ පිබිදෙමු පොළොන්නරුව’’ වැඩපිළිවෙල යටතේ වැඩ අවසන් කෙරුණු සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනගත කිරීම අද (01) ආරම්භ වනවා.
අද සිට දින 03ක් පුරා එම ව්‍යාපෘති ජනගත කිරීම් සිදු වන්නේ ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015 වසරේ ආරම්භ කරන ලද පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000ක්.