තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරයෙන් ලැබුණු ඇගයීම්වලදී එවකට නායකයින් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත උපහාර දැක්වීම සඳහා නෙළුම් පොකුණ රඳහලේ පැවති ‘‘ සුවපති අභිෂේකය’’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජාතික ඖෂධ පනත, දුම්වැටි අසුරණවල රූපමය අවවාද ඇතුළු නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා සිය පාලන කාලය තුළ ගෙන ආ සියලූ කටයුතුවල දී තමන් උපරිම සහයක් ලබාදුන් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
මෙම උත්සවය ඇමතු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම තුළින් මෙරට රෝගීන් ඖෂධ සඳහා වසරකදී වියදම් කළ මුදල රුපියල් මිලියන 4400කින් අඩු වී ඇති බවයි.