Saturday, December 28, 2024

General line - 0115112241

CID කියා පෙම්වතුන් කොල්ලකන අයෙක් දැලේ

කාංචන කුමාර ආරියදාස




දඹුලු ගලේ  වන ලැහැබවල් වල සහ ගල්තලාවල පෙම් සුව විඳීම සඳහා පැමිණෙන ජෝඩු වලින්ර හස් පොලිසියෙන් බව පවසා රන් මාල හා මුදල්  කොල්ල කන කණ්ඩායමක ප්රනධාන සැකකරු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය  ඊරිගම  පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. සේනපුර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්  ඇයගේ පෙම්වතා සමඟ දඹුල්ල රජමහ විහාරයට ආසන්නයේ පිහිටි දඹුලු ලෙන ආසන්නයේ පෙම් සුව විඳිමින් සිටියදී එකවරම මෙම සැකකරු පැමිණ තමන් රහස් පොලිසියේ බව පවසමින් එහි සිටී පෙම්වතා සහ පෙම්වතිය බියගන්වා තිබෙනවා.

පසුව තරුණිය ගෙල බැඳි රන් මාලය එකවරම කඩාගෙන දිව යද්දී අවට සිටි අයගේ සහයෝගයෙන් සැකකරු දඹුල්ල විහාර හංදියයේදී ලුහුබැඳ ගොස් අල්ලා ගෙන පොලීසියට බාර දී ඇත.

දඹුල්ල රජමහා විහාර ස්ථානයට ආසන්නයේ දඹුලුගල ප්‍රදේශයේ පෙම්සුව විඳින බොහෝ දෙනාගේ මුදල් පසුම්බි සහ විවිධ වටිනා කියන දෑ පොලීසිය බව පවසමින් සොරා ගන්නා අවස්ථා රැසක් මීට පෙරද වාර්තා වී තිබෙනවා. මෙම සංවිධානාත්මක කණ්ඩායම ඉතා රහසිගතව පොලිසිය බව පවසමින් තරුණ තරුණියන්ගේ මුදල් ලබා ගැනීම් වරින්වර සිදුවන බවත් දඹුල්ල කණ්ඩලම වැවල ආසන්නයේ දඹුල්ල ඉබ්බංකටුව වැව ආසන්නයේ මෙන්ම දඹුලුෙගල ප්‍රදේශයේද වැඩි වසයෙන්  දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න කියාසිටියේ පෙම් සුව විඳීම සඳහා පැමිණෙන තරුණ තරුණියන් වඩාත් විමසිලිමත් විය යුතු බවත් කිසිවකුත් නොමැති තැන්වල නොගොස් එළිමහනේ  සිටිය යුතු බවත්ය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ රුපියල් 40,000 වටිනා රන් මාලය සොයාගත් බවත් සැකකරු  පිළිබඳව තවදුරටත් විමර්ශනය කොට ප්‍රදේශයේ මෙවැනි සිදුවීම්වලට සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවා.

සැකකරු 01 දීන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.