කළුතර බන්ධනාගාරයේ රැඳවියන් සඟවා ගෙන සිටි ජංගම දුරකතන 06ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.
ඒ, එම බන්ධනාගාරයේ වාට්ටුවල සිදු කෙරුණු හදිසි පරීක්ෂාවකදීයි. පාතාල හා මත් කුඩු ජාවාරම්වලට සම්බන්ධ රැඳවූවන්ගේ වාට්ටුවලින් එම ජංගම දුරකතන සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.