Saturday, May 4, 2024

General line - 0115112241

LTTEය වලදැමූ රත‍්‍රං සොයා පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ තවත් කැණීමක

මාධව කුලසූරිය




එල් ටී ටී ඊ සංවිධානය අවසන් යුද සමයේ වලදමා ඇතැයි පැවසෙන රත‍්‍රං සහ ආයුධ තොගයක් සොයා පුදුකුඩිඉරිප්පු වලෙන්චමඩම ප‍්‍රදේශයේ කැණීමක් සිදු කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පුදුකුඩිඉරිප්පු පොලිසිය මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව එම කැණීම සිදු කරන බවයි.

කෙසේ වෙතත් අදාළ ස්ථානයේ කැණීම්වලින් කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයාගෙන නැහැ. මීට පෙර අවස්ථා ගණනාවකදී ද උතුරේ විවිධ ස්ථානවල මෙවැනි කැණීම් සිදු කළත් රත‍්‍රං හෝ අවි ආයුධ සොයා ගැනීමට නොහැකි වූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.