Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් සිම්බාබ්වේ අගනුවර පුද්ගලයින් 3ක් මරුට

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිම්බාබ්වේ හරාරේ අගනුවරදී විපක්ෂයේ විරෝධතාකරුවන් සහ හමුදාව අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

ඒකාධිපති රොබට් මුගාබේ ගේ පාලනය අවසන් කිරීමෙන් පසු සිම්බාබ්වේ හි පැවැත්වෙන පළමු මැතිවරණයේදී පාලක Zanu-PF පාලක පක්ෂය දැනට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිපල වලින් පැහැදිලි ජයක් ලබා ඇති බව ප්‍රකාශ වීමත් සමග විපක්ෂයේ ආධාරකරුවන් එයට එරෙහිව හරාරේ අගනුවර දී දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

එම විරෝධතාවය මැඩ පැවැත්වීම සදහා පොලිසියේ සහයට යුධ හමුදාව කැදවා ඇති අතර එහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගැටුම් වලදී විරෝධතාකරුවන් තිදෙනෙක් මිය ගොස් තිබෙන බවයි එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ. 

විරෝධතාකරුවන් පාලනය කිරීමට සිම්බාබ්වේ ආරක්ෂක අංශ කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට අමතරව වෙඩි ප්‍රහාරයන්ද එල්ල කළ බවයි විපක්ෂය චෝදනා කරන්නේ.

මේ අතර ස්වාධින මැතිවරණ නිරීක්ෂකයින් සදහන් කරන්නේ සිම්බාබ්වේ මැතිවරණයෙන් පසු හටගෙන තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමු කර ඇති බවයි. 

MDC සන්ධානය චෝදනා කරන්නේ මැතිවරණයෙන් පාලක Zanu-PF පක්ෂය පරාජයට පත්වී ඇති බවයි.