Sunday, May 5, 2024

General line - 0115112241

විරාත් කෝලි ගෙන් සටන්කාමි ශතකයක්

දිනුක් හේවාවිතාරණ




එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සිය 22 වන ටෙස්ට් ශතකය වාර්තා කරනු ලැබුවා. විරාත් කෝලි එංගලන්තයේදී වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය ලෙස මෙය වනවා.

එංගලන්තයේ එජ්බැස්ටන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පළමු ඉණිම සදහා එංගලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 287 ක් වාර්තා කරනු ලැබුවා. එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 80 ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 70 ක් වාර්තා කිරීමට සමත වුනා. ඉන්දීය පිල වෙනුවෙන් රවිචන්ද්‍ර අශ්වින් ලකුණු 62 කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

සිය පළමු ඉණිම සදහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ලකුණු 274 කට සිමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුනා. මෙහිදී එංගලන්ත පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන් ඉන්දීය නායක විරාත් කෝලි පන්දු 225 කදී ලකුණු 149 ක් වාර්තා කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් අනගි පන්දු යැවීමක නිරතවූ සෑම් කරන් ලකුණු 74 කට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවන දිනය නිමා වන විට සිය දෙවැනි ඉණිම සදහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා සිටියා. මේ අනුව එංගලන්තය ඉන්දියාවට එරෙහිව ලකුණු 22 ක් ඉදිරියෙන් සිටිනවා.