Sunday, May 5, 2024

General line - 0115112241

කාන්තා කබඩි පිලට ඉන්දියාවේ සහාය

කසුන් කැළුම්




ඉන්දුනිසියාවේදි පැවැත්විමට නියමිත ආසියානු ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු අතර කන්තා කබඩි පිල වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව අගොස්තු 18 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වෙන ආසිය්‍රානු ක්‍රීඩා උළලේ වඩාත් දක්ෂතා අතර ඉදිරියනේ සිටිමින් මදුෂානි චතුරිකාගේ නායකත්වයෙන් යුත් කෝඩුකාර ශ්‍රී ලංකා කන්තා කබඩි පිල මෙවර සටනට පිවිසෙනවා.

ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යලයෙන් කබඩි ක්‍රීඩාවට අවතිර්ණ වු මදුෂාණි පැවසුවේ මෙවර ප්‍රථම වරට ආසියානු ක්‍රිඩා උළෙලට සහාභාගිවන ශ්‍රි ලංකා කාන්තා කබඩි පිල වඩාත් හොඳ මානසිකත්වයකින් ඉන්දුනිසියානු සංචාරයට සහාභාගිවන බවයි. අපේ ප්‍රධාන පුහුණුකරු අමිල උදයංග සහ සහාය පුහුණුකරු ගීත් අසංක සමඟින් අලුතින් එකතු වූ ඉන්දීය පුහුණුකරු උදයකුමාර් අපට මාස 04 ක කාලයක් තිස්සේ ලබා දෙන සහාය ගොඩාක් වැදගත්. නායිකාව ලෙස මම බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ කෝඩුකාර කණ්ඩායමක් ලෙස සහභාගී වී පදක්කමක් ලබා ගැනීමටයි. පසුගිය වසරේ ආසියානු කබඩි ශූරතාවලියේ අපි තෙවෙනි ස්ථානයට පත් වුනේ ඉන්දියාට සහ දකුණු කොරියාවට පමණක් පිටුපසින්. මෙවර ඉන්දීය පුහුණුකරු එක්වීමත් සමග අපි තාක්ෂණයෙන් වඩාත් පරිපූර්ණව තරගාවලියට සහභාගීවන නිසා වඩාත් විශ්වාසයෙන් තරග බිමට පිවිසෙන්නේ. 

අපිට ගොඩාක් අඩුපාඩුකම් තිබෙනවාග අපිටම කියලා පුහුණුවීමට නිත්‍ය ස්ථානයක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වොලිබෝල් පුහුණුවීමෙන් පසුවයි අපි කබඩි ක්‍රීඩා පුහුණුවට යොමු වෙන්නේ. විදෙස් තරග අත්දැකීම් අපිට ලබා ගැනීමේදී මූල්‍යමය ප්‍රශ්ණය ගොඩාක් බලපානවාග කොහොම වුනත් වසර 9 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන මම මෙම සංචිතයේ රැදී සිටින්නේ ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් 9 දෙනෙකුත් නාවික හමුදාවේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩිකාවන් 3 කුත් ලෙස අත්වැල් බැදගෙන. කබඩි අද ලංකාවේ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවේ. අපිට එච්චර පිලිගැනීමක් නෑ. ඒත් ආසියානු පදක්කමක් අපි ලබා ගත්තොත් අපි ගැන අවධානය යම් තරමකින් හෝ වැඩිවේවියැයි නායිකා මධුෂිකා චතුරානි පැවසුවා.

විශේෂයෙන් කබඩි ක්‍රීඩාවේදී තාක්ෂණය වගේම තරග කිරීමේදී දක්වන ක්‍රමෝපායන් වඩාත් වැදගත්. සජිනි ජයසිංහ, මනොජිනී සිතුමිණි ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් විදියට තරග වදින අතර අපට කබඩි තාක්ෂණය වැඩිදියුණු කර ගැනීමේදී ඉන්දීය පුහුණුකරු උදය කුමාර් දෙන සහයත්, ඔහු ප්‍රබල ඉන්දීය පුහුණුකරුවකු ලෙස ජාත්‍යන්තර තරග 100 කට වඩා අත්දැකීම් ලබා ගනිමින් ලෝක කුසලාන දෙකකටද සහභාගී වි තිබීම ලොකු පිටුවහලක් වන බව නායිකා චතුරිකා පැවසුවේ.

කබඩි කාන්තා කණ්ඩායම භාර පුහුණුකරු අමිල මේ වන විටත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන පුහුණුකරු විදියට පෙනී සිටිමින් ජාතික පිල නගා සිටුවීම සදහා කරන ලද සේවය ඇගයීමට ජාතික කබඩි සම්මේලනය මෙය අවස්ථාවක් කරගත් අතර ක්‍රීඩා අමාත්‍යාංශය ඉන්දීය පුහුණුකරුගේ සේවය ලබා දීමෙන් කබඩි ක්‍රීඩාවට ලබා දී ඇති දායකත්වයද වඩාත් වැදගත් වන්නේ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලෙන් පදක්කමක් අපේ රට ලබා ගැනීමෙන් එහි අගය වැඩිකලහොත් පමණයි.