Sunday, May 5, 2024

General line - 0115112241

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් තරුවක් රට යයි

කසුන් කැළුම්




ලාස්ට් මෑන් චාන්ස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (03) අලූයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේදීයි.

ලාස්ට් මෑන් ස්ටෑන්ඞ් කි‍්‍රකට් යනු එක් පන්දුවාරයක් පන්දු 5කට සීමා කර ඇති නව ආරක විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක්. තරගයක් පැය දෙකක කාලයක් තුළ පවත්වා අවසන් කළ යුතු අතර මෙහි ඇති තවත් සුවිශේෂිත්වය වන්නේ අවසන් පිතිකරුවාටද වුවද තනිව පන්දුවට පහරදීමේ හැකියාව පැවතීමයි. රටවල් 12ක් තරග වදින මෙම නව තරගාවලිය සදහා නම් දැරූ හිටපු කී‍්‍රඩකයින් රැසක්ද එක්ව සිටිනවා.

මෙම තරගාවලියට එක්වන පාකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස අබ්දුල් රසාක් කටයුතු කරන අතර ඉන්දීය කණ්ඩායමට විනෝද් කම්ලි නායකත්වය ලබා දෙනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු වූ නික් පෝතස් ද මෙම තරගාවලියට එක්ව සිටින අතර ඔහු එහිදී නායකත්වය ලබා දෙන්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමටයි. බටහිර ඉන්දීය කොදෙව් හිටපු කී‍්‍රඩක ෂීවනරීන් චන්ද්‍රපෝල්ද මෙම තරගාවලියට සහභාගි වන අතර නවසීලන්ත කණ්ඩායමට ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නායකත්වය ලබා දෙනවා.

එ් කාණ්ෙයෙන් මෙම තරගාවලියේදී තරග වදින්නේ සත්කාරක එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව සහ ස්කොට්ලන්තයයි.

බී කාණ්ඩයෙන් ශී‍්‍ර ලංකාව, දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව, වේල්සය, අමෙරිකාව සහ සිංග්ප්පූරුව තරග වදිනවා. ලාස්ට් මෑන් චාන්ස් ලෝක කුසලාන තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ  තරග 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.