Sunday, May 5, 2024

General line - 0115112241

නේපාලය ජාත්‍යන්තර පිටියේ පළමු එක්දින ජය ලබයි

කසුන් කැළුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ සිය පළමු එක් දින තරග ජය වාර්තා කිරීමට නේපාල කණ්ඩායම ඊයේ (03) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. ඊයේ පැවැති එම තරගය නේපාල කණ්ඩායම ජය ගත්තේ එක් ලකුණකින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 216ක් රැස් කිරීමට සමත්වුණා. එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට තරගය ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 06ක් ලබා ගත යුතුව තිබුණා. එහෙත්, ඔවුන්ට එම පන්දුවාරයේදී ලබා ගත හැකිවූයේ ලකුණු 04ක් පමණයි.  

නේපාලය සහභාගී වූ පළමු ජාත්‍යන්තර එක්දින කි‍්‍රකට් තරගාවලියද මෙය වනවා. තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය නෙදර්ලන්තය ලකුණු 55කින් ජය ගත්තා. ඒ අනුව මෙම තරගාවලිය අවසන් වූයේ එකට එකක් ලෙස සම තත්ත්වයෙන්.