Wednesday, May 1, 2024

General line - 0115112241

අද තරගය ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක් වෙයි

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 03 වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (05) පැවැත්වෙනවා. 

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදැසන 10.00ට ආරම්භවීමට නියමිතයි.

තරග 5කින් සමන්විත මෙම එක්දින කි‍්‍රකට් තරගාවලියේ 2 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමයි. තරගාවලිය පිළිබදව බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වනවා.

අද තරගය පිළිබද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වන ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සඳහන් කළේ පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම යන අංශ තුනම සාර්ථක කර ගැනීම අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යාවශ්‍ය බවයි. පසුගිය තරග දෙක බැලූ විට පිතිකරණය සහ පන්දු රැකීම අසාර්ථක වූ බවද සඳහන් කළා.

අද තරගය පැවැත්වෙන පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ මේ දක්වා එක්දින තරග 18කට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන් තරග 9ක් ජය ගැණීමට සමත්ව තිබෙනවා. පරාජයට පත්ව ඇති එක්දින තරග සංඛ්‍යාව 9ක්.

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර  මීට පෙර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 3ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 2ක් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගත් අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායම එක් තරගයක් ජය ගත්තා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ සහභාගි වූ එක්දින තරග 3ම පරාජයට පත්ව තිබීම ශී‍්‍ර ලංකා කණ්ඩායම හමුවේ ඇති තවත් අභියෝගයක්.  

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී එක්දින තරග ජයක් වාර්තා කළේ 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. එමෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රීකානු කණ්ඩායම හමුවේ පිට පිටම එක්දින තරග 10ක් පරාජයට පත් තිබීමද ශී‍්‍ර ලංකා කණ්ඩායමට අද තරගයේදී එල්ල වන තවත් අභියෝගයක් වනවා.

අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ නෙත් ස්පෝට්ස්මන් වෙත මෙලෙස විස්තර කළා.

"මම හිතනවා කුසල් මෙන්ඩිස් වෙනුවට ධනංජයද සිල්වා කණ්ඩායමට ඇතුළත් කළ යුතු බව. මොකද කුසල්ට දැන් පීඩනය වැඩියි. ඔහු ඉනිම් දෙකකම ලකුණු අතරට ආවේ නෑ. දසුන් ශානක ගැනත් අවධානය යොමු කළ යුතුයි. නමුත් ඔහු කවුරු වෙනුවටද කියන එකයි ප්‍රශ්නය. ධනුෂ්ක ගුණතිලක නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ අංශයටත් බලපාලා තියෙනවා."