Monday, April 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකානු තරගයෙන් කොළඹ ආර් පේ‍්‍රමදාස පිටිය වාර්තා පොතට

තරංග රුක්ෂාන් ජයසේකර




දිවා රාත‍්‍රී ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග 100ක් පැවැත්වූ ලොව සිව්වන ක‍්‍රීඩාංගණය ලෙස කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටිය අද (12) වාර්තා පොත් අතරට එක්වුණා. 

ඒ, මේ වනවිට පැවැත්වෙන ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා එක්දින තරගයත් සමඟයි. ලොව වැඩිම දිවා රාත‍්‍රි තරග සංඛ්‍යාවක් පවත්වා ඇත්තේ සිඞ්නි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. එම සංඛ්‍යාව 149ක්. ඊට අමතරව සාජා සහ මෙල්බර්න් යන ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණවල ද දිවා රාත‍්‍රී එක්දින තරග 100කට අධික සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. 

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමඟ දැන් පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකාව පන්දුවාර 32 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 166 ක් රැස්කර ගෙන සිටිනවා.