Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ප්‍රබල අභියෝගයක්

තරංග රුක්ෂාන් ජයසේකර




අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේදී දකුණු අප‍්‍රිකාවට ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වී සිටිනවා. ඒ, කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ලකුණු 300ක ඉලක්කයක් ලබා දෙමින්. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 08කට ලකුණු 299යි. නායකත්වයේ ඉණිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 97කදී ලකුණු 97ක් රැස් කළා. ඒ, එක් හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමඟීන්. නිරෝෂන් දික්වැල්ල ලකුණු 43ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 30ක් රැුස් කරමින් ශ‍්‍රී ලංකා ඉණිම ශක්තිමත් කළා. 

දකුණු අප‍්‍රිකාව මෙම තරගය ජයගතහොත් එය නව වාර්තාවක් බවට පත්වනු ඇති. ඒ, මෙම ක‍්‍රීඩා පිටියේ හඹාගෙන ගොස් කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2012 වසරේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 288ක් රැස් කරමින් තරගය ජයග‍්‍රහණය කළා. 

මෙම තරගයත් සමඟ දිවා රාත‍්‍රී තරග 100ක් පැවැත්වූ ලොව සිව්වන ක‍්‍රීඩාංගණය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටිය වාර්තා පොත් අතරට පිවිසීම ද විශේෂත්වයක්. 

ලකුණු 300ක ඉලක්කයක් හඹා යන දකුණු අප‍්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 1ක් අවසානයේ කඩුලූ 1ක් දැවී ලකුණු 8ක් රැස්කර ගෙන සිටිනවා.