Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව හමුවේ ලද එක්දින තරග පරාජයෙන් දකුණු අප්‍රිකාව පල්ලම් බසියි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවති තරග 05 කින් යුත් එක්දින තරගාවලිය තරග 3-2 ක් වශයෙන් ජයග්‍රහණය කලත් අවසන් තරග දෙකේදී ලද පරාජය හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම අයිසිසි එක්දින ශ්‍රේණිගත කිරීම් හි සිවුවෙනි ස්ථානයට පසුබැමට සිදුව තිබෙනවා.

තරගාවලිය ආරම්භයේදී ප්‍රසාධ ලකුණු 112 ක් ලබා ගනිමින් ශ්‍රේණිගත කිරීම් හි සිවුවැනි ස්ථානයේ පසුවූ නවසිලන්ත කණ්ඩායමට වඩා එක් ලකුණකින් (113) ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් හි තුන්වන ස්ථානයේ පසුවූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලද අවසන් එක්දින තරග 02 පරාජයත් සමග දකුණු අප්‍රිකාව නවතම අයිසිසි ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රසාධ ලකුණු 110 ක් සමගින් සිවුවෙනි ස්ථානයට පත්ව ඇති අතර නවසීලන්ත කණ්ඩායම ලකුණු 112ක් සමගින් තුන්වන ස්ථානයේ පසුවනවා.

තරගාවලිය ආරම්භයේදී එක්දින ශ්‍රේණිගත කිරීම් වලදී ප්‍රසාධ ලකුණු 77ක් ලබා ගෙන 8 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රසාධ ලකුණු සංඛ්‍යාව 80 ක් දක්වා ඉහල දමා ගැනීමට සමත්ව ඇති අතර තවමත් ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 8 වන ස්ථානයේ යි.