Monday, April 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක්

තරංග රුක්ෂාන් ජයසේකර




විශිෂ්ට ජයග‍්‍රහණයකින් දකුණු අප‍්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය නිම කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (12) සමත් වුණා. ඒ, පස්වන සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 178ක දැවැන්ත ජයක් ලබමින්. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08කට ලකුණු 299යි. විශිෂට ඉණිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස් කළා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ සියලූ දෙනා ලකුණු 121කට දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවීම විශේෂත්වයක්. නායක ක්වින්ටන් ඞී කොක් ලකුණු 54ක් රැස් කළා. ඒඞ්න් මැක‍්‍රම් ලකුණු 20යි. වෙනත් කිසිදු ක‍්‍රීඩකයෙකුට ලකුණු 12 සීමාව පසුකර යෑමට හැකි වුයේ නැහැ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 29කට කඩුලූ 06ක් බිඳ හෙළුවා. එය ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීමයි. තරගයේ වීරයා සම්මානය හිමි වූයේද අකිල ධනංජයටයි. තරගාවලියේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ දකුණු අප‍්‍රිකාවේ ජේ පී ඩුමිනි හට හිමි වුණා.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරගය ලබන අඟහරුවාදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.