Monday, April 29, 2024

General line - 0115112241

"ඔය වගේ ප්‍රශ්නයක් මේ වගේ තරගයක් ජය ගත් වෙලාවක..." - මැතිව්ස් මාධ්‍ය හමුවේදී කිව්ව කතාව




කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත්වීම සහ ඉවත් වීම තරගයක් ජයග්‍රහනය කළවිට හා පරාජය වූ විට මතුවෙන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඊයේ (12) තරගයේ ජයග්‍රහණයෙන් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී මාධ්‍යවේදීන් මැතිව්ස්ගෙන් ප්‍රශ්න කළේ තරගාවලියේදී ක්‍රීඩකයන්ට කණ්ඩායමේ අවස්ථා හිමිවීම සහ අහිමිවීම පිළිබඳවයි.

එහිදී " මෙහෙමයි..මම හිතන්නේ ඔය වගේ ප්‍රශ්නයක් තරගයක් ජයග්‍රහණය කළාම සහ තරගාවලියක් ජයග්‍රහණය කළාම... ඉදිරිපත් වෙනවා. අපි පළවෙනි තරග 02 ක්‍රීඩා කළේ ටිකක් මන්දගාමී තණතීරුවක. ඒ නිසා අපිට හිතුනා තව දඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයෙක් අවශ්‍ය වෙයි කියලා... ඒ නිසා ශෙහාන් ජයසූරියගෙන් පස්සේ ධනංජය ද සිල්වා අපි කැඳෙව්වා. ඒ අවස්ථාවේ අපිට හිතුනා පිතිකරුවෙක් තරග කරන්න ඕනේ කියලා. සමහර අවස්ථාවලදී තරගයෙන් තරගයට.. තණතිල්ලෙන් තණතිල්ලට ක්‍රීඩකයන් අවශ්‍ය පරිදි වෙනස් කරන්න වෙනවා. දසුන් ශානක..ඔහුට ලැබුණු අවස්ථා දෙකේදීම ඉතාමත් හොඳට පෙන්නුවා ඔහුගේ හැකියාව."  යනුවෙනි.

මෙම මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලසිත් මාලිංග ගැනත් ප්‍රශ්න කර සිටියා. එහිදී ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

"ලසිත් මාලිංග අපිට සෑහෙන්න සේවයක් කරලා තියෙන ක්‍රීඩකයෙක්. ඔහු අනිවාර්යයෙන්ම අපේ සැළසුම්වල ඉන්නවා. ඔහු විශිෂ්ට ගණයේ පන්දු යවන්නෙක්. අනික් ප්‍රශ්නය තේරීම් කමිටුව තමයි උත්තර දෙන්න ඕනේ."

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර 20 තරගය හෙට (14) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.