Monday, April 29, 2024

General line - 0115112241

ලොව ආදරය දිනූ පාපන්දු ක්‍රීඩකයා රෝහලේ

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවක ආදරය දිනූ බ‍්‍රසීලයේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක රොනාල්ඩෝ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

නිව්මෝනියා තත්ත්වය ඊට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

41 වන වියේ පසුවන රොනාල්ඩෝ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිඳු නිල තොරතුරක් මේ දක්වා අනාවරණ වී නැහැ.

පෞද්ගලික හේතු මත ඒ පිළිබඳ තොරතුරු හෙළි නොකරන බවයි රෝහල් ප‍්‍රකාශිකාවක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

1997 සහ 2002 යන වසරවල ලොව හොඳම පාපන්දු ක‍්‍රීඩකයා වූ රොනාල්ඩෝ බ‍්‍රසීලය වෙනුවෙන් තරග 98කදී ගෝල 62ක් වාර්තා කර තිබෙනවා.