Monday, April 29, 2024

General line - 0115112241

අවසන් මොහොතේ ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයේ වෙනසක්

කසුන් කැලුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගය සඳහා ඉසුරු උදාන සහ කසුන් රාජිත කැඳවා තිබෙනවා. ඒ මීට පෙර එම සංචිතයට නම් කර තිබුණු ජෙෆ්රි වැන්ඩර්සේ සහ ෂෙහාන් මදුසංක වෙනුවටයි. 


 මේ අතර ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පන්දුවාර 20 තරගයේ ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කළා. ක‍්‍රිකට් ආයතනය පැවසුවේ රුපියල් 300, 1000 සහ රුපියල් 1500 යන ප‍්‍රවේශපත‍්‍ර සියල්ල මේ වනවිට අලෙවි වී අවසන් බවයි. සීමිත ප‍්‍රවේශපත‍්‍ර සංඛ්‍යාවක් ඉතිරිව තිබෙන බවද කි‍්‍රකට් ආයතනය පැවසුවා.

20 යි 20 තරගයේ ප‍්‍රවේශපත‍්‍ර ද ඇතැම් පිරිස් කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනය අසල වැඩි මිලට අලෙවි කරමින් සිටින බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ. ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පන්දුවාර 20 තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (14) රාති‍්‍ර 07ට ආරම්භ වීමට නියමිතයි.