Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාරයේ අලුත්ම ඒකකය අද සිට වැඩ

නිශාන් ද සිල්වා




බන්ධනාගාර බුද්ධි අංශය, බන්ධනාගාර පොලිස් ඒකකය ලෙස අද (14) අලූතින් ස්ථාපිත කිරීමට නියමිතයි.

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යටතේ මෙම නව ඒකකය ස්ථාපිත කෙරෙනු ඇති.

පැවැති දූෂණ චෝදනා හේතුවෙන් බන්ධනාගාර බුද්ධි අංශය ඉකත් දා විසුරුවා හැරුණා. එහි සේවා ආවරණයට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදා ගැනීමටයි පසුව යෝජනා කෙරුණේ.

කෙසේවෙතත් බන්ධනාගාර පොලිස් ඒකකය පිහිටුවීම නිසා බන්ධානාගාර අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි බන්ධනාගාර ආරංචි කියා සිටියා.