Wednesday, May 8, 2024

General line - 0115112241

අද විස්සයි විස්සට හැප්පෙන පිටිය මාලිංගට කුසල්ට වාසි

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී අද (14) පැවැත්වෙනවා. 

තරගය ආරම්භ වන්නේ රාති‍්‍ර 07.00 ටයි. 

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා පන්දුවාර 20 කි‍්‍රකට් වාර්තා ඇසුරෙන් නෙත් ස්පෝට්ස්මන් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.

ශි‍්‍ර ලංකාව ඇෆ්ගනිස්ථානයටත් පහළින්

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 9ක්. ඉන් තරග 5ක් දකුණු අපි‍්‍රකාව ජය ගත් අතර ශී‍්‍ර ලංකාව තරග 4ක් ජය ගත්තා. දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මේ වන විට පන්දුවාර විස්ස ශ්‍රේණිගත කිරීම්වල 6 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටත් පහළින්.
 
එකම තරගයේ ජයත් දකුණු අප‍්‍රිකාවට

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේ එක් පන්දුවාර විස්ස තරගයක් පවත්වා ඇති අතර 2013 වසරේ පැවති එම තරගය ලකුණු 12කින් ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වුණා. දෙපිල අතර මේ දක්වා පන්දුවාර විස්ස තරගාවලි දෙකක් පවත්වා ඇති අතර ඉන් එක් තරගාවලිය බැගින් ජය ගැනීමට දෙපිළම සමත් වුණා.
 
පේ‍්‍රමදාස පිටියේ තරග 18න් තරග 15ක්ම ශී‍්‍ර ලංකාව පරාදයි

ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ මේ දක්වා සහභාගි වී ඇති පන්දුවාර විස්ස තරග සංඛ්‍යාව 18ක්. ඉන් තරග 15ක්ම පරාජයට පත්ව ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 3ක් පමණයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ සහභාගි වූ පන්දුවාර විස්ස තරග 3ම පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්.
 
කුසල් සහ මාලිංග පෙරමුණේ

කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරායි. ඔහු මෙම කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස තරග 11කට කී‍්‍රඩ කරමින් අර්ධ ශතක3ක් සමගින් ලකුණු353ක් රැස් කර තිබෙනවා. කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේ ලසිත් මාලිංගයි. එම කී‍්‍රඩාංගණයේ පන්දුවාර විස්ස තරග 13කට කී‍්‍රඩා කර ඇති මාලිංග බිද හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 15ක්.