Tuesday, May 7, 2024

General line - 0115112241

මැණික් ව්‍යාපාරිකයා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්

කසුන් කැළුම්




රත්නපුර මාරපන ප‍්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර ගනිමින් අද (14) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවුණා.

ව්‍යාපාරිකයා නිවිතිගල පිහිටි ඔහුගේ නිවසේ සිට රත්නපුර පිහිටි ඔහුගේ ව්‍යපාරික ස්ථානය වෙත ජීප් රථයකින් පැමිණෙමින් සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

කෙසේ වෙතත් ජීප් රථයට වෙඩි වැදී නොමැති අතර අසල තිබූ නිවසකට සහ වෙළඳසැලකට වෙඩි වැදී ඇතැයි පොලීසිය පැවසුවා. සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.